Monday, July 28, 2014

ෆීෆා අවසන් මහා තරඟයට පැමිණි පාපන්දු ලෝලියා

 ෆීෆා අවසන් තරඟය නැරඹීම සඳහා කඩිමුඩියේ මෙන් පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකාගාරයට පැමිණි තරුණ ක්‍රීඩා ලෝලියෙක් තමාට හිමි ආසනයේ අසුන් ගත්තේය.එසේ අසුන්ගෙන මොහොතකින් ඔහුගේ වම් පස අසුන හිස්ව තිබූ හෙයින් ඊට එහා අසුනෙහි අසුන් ගෙන සිටි හැටහැවිරිදි යැයි සිතිය හැකි පාපන්දු ප්‍රේක්ෂකයාගෙන් තරුණයා මෙසේ විචාළේය.
"මහත්මයා,කව්ද දන්නේ නැහැ මේ අවාසනාවන්තයා.අද ලෝක ශූරතා අවසන් තරඟය බලන්නවත් මේ මනුස්සයා පින් කරලා නැහැ වගේ "
වයස්ගත ප්‍රේක්ෂකයා: "ආ...ඒ මගේ නෝනාගේ සීට් එක.අපි දෙන්නා එකට රට රටවල්වල ලෝක ශූරතා තරඟ පහක් නරඹලා තියෙනවා. නමුත් අද තරඟය බලන්න ඇයට බැරි වුනා. ඇය මිය ගිහින්" යැයි පවසා තම සාක්කුවට අත යවා ලේන්සුවක් පිටතට ගෙන ඉතාමත් දුක්බරව කඳුළු පිසදා ගත්තේය.
තරුණයා: හ්ම්.....සමාවෙන්න ......බොහොම සංවේදී කතාවක් මහත්මයා.ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. මෙම ආසනය හිස්ව තබා ගැනීම ඔබ ඇය වෙනුවෙන් කරන කෘත ගුණ සැලකීමක් ලෙසයි මම දකින්නේ. එහෙත්,මේ අවසාන තරඟයේ ප්‍රවේශ පත්‍රයේ මිල ඩොලර් 3000 වෙනවා. ඔබට ඔබේ පවුලේ කෙනෙකු,හිතවතෙක් නැත්නම් ඔබගේ ලඟම මිතුරෙක් මෙම තරඟය නැරඹීම සඳහා එකතු කර ගැනීමට තිබුනා නේද ?"
වයස්ගත ප්‍රේක්ෂකයා: ඔව්...... ඒක කදිම අදහසක්. එහෙත් මට තිබුනු ප්‍රශ්නයත් ඒකම තමයි. මොකද ..... ඔබ කිවූ ඒ සියල්ලන්ම මගේ නෝනගේ අවසන් කටයුතු සඳහා දැන් ලක ලැහැස්ති වෙමින් ඉන්නේ..... !

No comments:

Post a Comment