Monday, July 28, 2014

කැකුළු මල තලා පලයන් පිපෙන්නට - amda

ඔන්න හරක් බලන්න ගියපු කොල්ලෙක්
මහවැලි ගඟ දිගේ එනවලු ඔහොම එනකොට
පොර දැක්කලු කෙල්ලෙක්
ගඟේ නානවා හම්මේ ඉතිං නේද මූට කැත
අදහසක් පහල උනාලු. මූ පොඩ්ඩක් ගහකට
මුවා වෙලා
කෙල්ල දිහා බලන් හිටියලු පස්සෙ කෙල්ල අනිත්
පැත්ත හැරුනලු මූට දැන් තරු පෙනුනා බැලින්නම්
මේ අල්ලපු ගෙදර
ඉන්න ජම්බු ගහෙන්වත් වැටිලා නැති පොඩි
කෙල්ලලු දැන් මූට මේක මගෑරලා යන්නත්
බැරිලු මොනා කරන්නද වෙන දෙයක්
වෙච්චදෙන් කියලා මූට ආපු හැඟීම
කවියකින් පිට කලාලු
මහවැලි ගඟේ ගං දෑලේ එනවිටදී
නාඹර ලියක් දියකෙලිනව මං දුටිමී
පිපුනුමලක් නම් එය නොතලා නොයමී
කැකුළු මල නිසා නොතලා යන්න යමී
ඔහොම අර කෙල්ලට ඇහෙන්න කියලා යන්න
හැදුවාලු.
අර කෙල්ලෙ ගතින් වැඩිවියට ඇවිත් නැති උනාට
හිතින් වැඩිවිය පැමිනිච්ච පැහිච්ච කෙල්ලෙක්ලු.
ඒකිත් ඌට කවියකින්ම උත්තර දුන්නලු.
වනන්තරේ ඉඩ නැත මට හැදෙන්නට
නිරන්තරේ වැසි නැත මට පිපෙන්නට
පිපුනු මලක්නම් නැත මට පුදන්නට
කැකුළු මල තලා පලයන් පිපෙන්නට
හම්මේ අරූටත් ඉතිං ආයෙ මොනවා කියන්නද නිකම් ආපු
චාන්ස් එකෙන් ප්රයෝජන ගත්තලු. දැන්
ඉතිං කතාව ඉවරයි

No comments:

Post a Comment