Wednesday, July 30, 2014

ඉන්ටවිව් - Amda

දවසක් පොලීසියට බැඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරිතුමාගේ
කාර්යාලයට ගිහින් තියෙනවා සම්මුඛ පරීක්ෂණයකට දැන් මේ කොල්ලාගෙන් පොලිස් අධිකාරිතුමා
ප්‍රශ්න අහනවලු. ඔහොමම අහල අහල අන්තිමට ඇහුවල් මෙහෙම ප්‍රශ්නයක්.

"කව්සිළුමිණ ලිව්වේ කව්ද?"

දන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු.
පොලිස් අධිකාරිත් ළගදි සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා
"හදිස්සියක් නෑ හෙමිහිට් කල්පනා කරලා කියනවකෝ" කියලා.

 
මේ අතර පොලිස් අධිකාරිවරයාට විනාඩි 5කට විතර කාර්යාලයේන්
එළියට යන්න පොර යන ගමන් එතන එළියෙ හිටපු රාළහාමි කෙනෙකුට කථා
කරලා කීවා.

"මම එනකන් අර මගෙ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලීවේ
කව්ද? කියලා අහලා තියාගන්නවා"
කියලා.

දන් විනාඩි 5 කින් පොලිස් අධිකාරීවරයා ආපහු එනවා. එනකොට පොර
තමන්ගේ ඔෆිස් එක අතුළේ දකින දර්ශනය මෙහෙමයි.

අර කොල්ලා පුටුවත් පෙරලාගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා.
රාළහාමි එහෙම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා.
මෙක දැකල ලොක්කට පුදුම හිතිලා " මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ "
කියලා ඇහැවුවා.

එතකොට අර රාළහාමි උත්තර දෙනවා.

" සර්.. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ.. මම දෙකයි අන්නේ
මෙකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා.

No comments:

Post a Comment