Wednesday, July 30, 2014

ප්‍රතිචක්‍රීකරණය - Amda

ඔන්න නිවාඩු දවසක එක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය
ආසියාවේ මිනිහෙක් ලගින් ඇමෙරිකාවේ මිනිහෙක් ඇවිත් වාඩි වුනාලු.ඈසියාවේ මිනිහා
ඇමරිකන් කාරයව ගනන් ගත්තෙ නැති උනත් ඇමරිකන් කාරය බලෙන්ම ආසියාවේ
මිනිහත් එක්ක කතාවට වැ‍ටුනලු.ඉතින් දැන් ඇමෙරිකන් කාරයා ආසියාවෙ පොරගෙන්
මෙහෙම අහනවලු.

ඇමරිකන් පොර - "ආසියාවේ තමුන්ලා මුලු පාන් ගෙඩියම කනවද ?

ආසියාවේ පොර - "ඔව්,ඇයි ?

චුයිංගම් එකෙන් බෝලයක් පුන්බපු ඇමරිකන් පොර මෙහෙම කිවුවලු.

ඇමරිකන් පොර - "අපි නම් පාන් ගෙඩියෙ ඇතුල විතරයි කන්නේ,පාන් වාටි ටික එකතු කරල
ඒව ප්‍රතිචක්‍රීකරණය කරල බනිස් හදල ආසියාවට විකුණනව"

ආසියාවේ පොර සද්ද නැතුව මේකා කියන එක අහගෙන හිටියලු.දැන් ආයෙ අරකා කියවන්න
පටන් ගත්තලු.

ඇමරිකන් පොර - "තමුන්ල පාන් එක්ක ජෑමුත් කනවද ?

ආසියාවේ පොර - "ඔව්,ඇයි ?

ඇමරිකන් පොර -"අපි නම් කන්නේ පළතුරු විතරයි,අලුත් පලතුරු කාල ඉවර වෙලා ඉතුරු
වෙන කෑලි දාලා ජෑම් හදල අපි ඒවා ආසියාවට විකුණනව".

ටික වේලාවක් ඇමරිකන් පොර දිහා බලාගෙන හිටපු ආසියාවෙ පොර මෙහෙම ඇහුවලු.

ආසියාවේ පොර - "තමුන්ලා... ලිංගික කටයුතුවල එහෙම යෙදනවද ?

ඇමරිකන් පොර - "නැතුව,නැතුව" (මේකා උඩ පැනල උත්තර දුන්නලු)

ආසියාවේ පොර - ඉතින් ලිංගික කටයුතු කරල ඉවර වුනට පස්සෙ ආරක්ශිත ආවරන(Con#!@$#)වලට
මොනවද කරන්නේ ?

ඇමරිකන් පොර - "වෙන මොනව කරන්නද ඕයි විසිකරනව".

ඇමරිකන් පොර තරහෙන් උත්තර දුන්නලු.

ආසියාවේ පොර - "අපි නම් විසි කරන්නේ නෑ ආරක්ශිත ආවරණ(Con#!@$#)ටික
එකතු කරල ඒවා ප්‍රතිචක්‍රීකණය කරල චුයිංගම් හදල ඇමෙරිකාවට විකුණනව"
ඇයි යකෝ...

හි හි හි හි

ඇමරිකන් පොර හිමීට මාරුවෙලා යන්න ගියාලු.

No comments:

Post a Comment