Thursday, July 31, 2014

හෝටල් බිල - Amda

ඔන්න ඉතින් මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.
හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ.
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි.
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා.බිලේ $ 500 ක් කියලා තිබ්බේ.
මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා.

කාන්තාව - "මට මෙච්චර බිලක් එන්න කොහෙත්ම විදියක් නැහැ".

කැෂියර් - "ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5හේ හොටලයක්නේ.මේකේ තියෙනවා ස්විමින්ග් පූල් එකක්".

කාන්තාව - "ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ".

කැෂියර් - "ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ".

කැෂියර් - "තව බලන්න නෝනා මේකේ තියෙනවා ඉන්ටර්නැශනල් කොන්ෆරන්ස් රූම්ස්,නයිට් ක්ලබ්ස් & මූවි තියටර්ස්'.

කාන්තාව - "අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ".

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය.

කැෂියර් - "නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි.$ 250 නෙමයි".

කාන්තාව - "නැහැ කිසිම වැරද්දක් නැහැ.ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා".

කැෂියර් - "අනේ නෝනා බොරුනම් කියන්න එපා.මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ".

කාන්තාව - "ඇයි ඔයා එහෙම කියන්නේ,ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.
ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න".

හි හි හි හි

No comments:

Post a Comment