Tuesday, July 29, 2014

අධික වේගය - Amda

දවසක් අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් නතර කල
පොලිස් නිලධරියෙක් රියදුරාව එළියට බස්සවා ගත්තේය.

*පොලිස් නිලධාරියා.
පුහ්...වේගෙ 100ත් පැනල,තමුන්ගෙ සීයද ලයිසම දුන්නෙ?
ගන්නව බලන්න ලයිසම මෙහෙට.


*රියදුරා.
මට ලයිසන් නෑ රාළහාමි.

*පොලිස් නිලධාරියා.
මොනව කියන්නෙ,ගන්නව බලන්න එහෙනම් ලයිසන් ඉන්ෂුවරන්ස්.

*රියදුරා.
මට ඒවත් නෑ රාළහාමි.මේ වාහනේ හොරකම් කරපු එකක්.

*පොලිස් නිලධාරියා.
මොනව මොනව කියන්නෙ,මේක හොරකම් කරපු වහනයක්.
කාගෙන්ද හොරකම් කලේ.මොකටද හොරකම් කලේ.
විකුණන්න වත්ද?

*රියදුරා.
නෑ මිනියක් මරන්න.අන්න මිනිය කාර් එකේ ඩිකියෙ ඇති.

මේ විස්තර ටික අහපු පොලිස් නිලධාරියා තම උසස් නිලධාරියෙක්ට කතා
කලේය.ටික වේලාවකින් උසස් නිලධාරියා ඇවිදින් රියදුරාගෙන් ප්‍රෂ්න
පටන් ගත්තේය.

*උසස් පොලිස් නිලධාරියා.
තමුන්ට ලයිසන් නෑ කියන්නේ ඇත්තද?

*රියදුරා.
අම්මෝ... බොරු සර්... මේ තියන්නෙ ලයිසන් එක.(ලයිසම පෙන්වයි)

*උසස් පොලිස් නිලධාරියා.
එතකොට මේ වාහෙනේ(කාර් එක) කගෙද?

*රියදුරා.
මගේ සර්... මේ තියන්නෙ ලයිසන් ඉන්ෂුවරන්ස් එකයි ඔක්කොම ලියවිලි.

*උසස් පොලිස් නිලධාරියා.
හරි කරුනාකරල වාහෙනේ ඩිකිය අරිනවද?මිනියක් ඩිකියෙ තියනව කියල
දැන යන්න ලැබිල තියනව.

*රියදුරා.
හරි සර් මේ බලන්න.(ඩිකිය ඇර පෙන්වයි.එහි කිසිවක් නැත.)

*උසස් පොලිස් නිලධාරියා.
මට මේ මොකුත් තේරෙන්නෑනෙ,දන් මට මේක කෝල් කරල කිවුවනෙ
ලයිසන් නැති හොරකන් කරපු වාහනෙක ඩිකියෙ මිනියක් තියනව.

*රියදුරා.
අනේ ඉතින් බලන්නකො සර්... තව ටිකකින් මේක කියයි මම අධික
වේගයෙන් ගමන් කලා කියල.

No comments:

Post a Comment