Tuesday, July 29, 2014

අපේ ඇත්තන්ගෙ දැනුම - Amda

දවසක් සිංහල එහෙම ටිකක් දන්න ඇමෙරිකානුවෙක් ගියාලු ලංකාවේ පිටිසරබද ගමකට.
එහෙදි පොරට වයසක සීය කෙනෙක් හම්බ උනාලු.ඉතින් මේ පොර ගාව තියන කෑලිබෑලි
දැකල වයසක උන්දැට මාර් අවුල්ලු.දවසක් මේ සුද්දා තමන්ගෙ ලොකුකම් පෙන්නන්න
කියල හිතල මේ වයසක උන්දැට චැලේන්ජ් එකකට ආරාධනා කලාලු.

සුද්දා-සීයේ මම ඔයාගෙන් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනව.ඔයාට උත්තර දෙන්න බැරි
උනොත් ඔයා මට රු5 ක් දෙන්න.ඔයා අහන ප්‍රශ්නයකයට මට උත්තර දෙන්න බැරි උනොත්
මම ඔයාට රු500 ක් දෙන්නම්.

සීයත් කකුල් දෙකෙන්ම මේකට කැමති උනාලු.

සුද්දා-හරි සීය කියන්න බලන්න පෘථිවියෙ ඉදන් හදට දුර කීයද?

සීය ටිකක් කල්පනා කරල බැරිම තැන රු5 ක් අරන් සුද්දට දුන්නලු.සුද්ද කින්ඩි හිනාවක් දැම්මලු.
දැන් තියන්නෙ සීයගෙ වාරෙලු.

සීයා-හරි එහෙනම් උබ කියපන්කො කොල්ලො කකුල් තුනෙන් කන්දක් නැගල කකුල් හතරෙන්
කන්ද බහින සතා කවුද කියල.

දීපල්ලකො උත්තර හි... හි... හි...

සුද්ද ලග තිබ්බ ලැප් එකෙන් නෙට් සර්ච් පාරක් දාල යාලුවොත් එක්ක චැට් කරල බැරිම තැන පර්ස්
එකෙන් රු500 ක් අරන් සීයට දුන්නලු.

සුද්දා-හැබෑටම සීයෙ මොකාද ඒ සතා?

ඒක අහපු සීය සාක්කුවෙන් රු5 ක් අරන් සුද්දට දුන්නලු හි... හි... හි...
කොහොමද සීයගෙ(සිංහලයගෙ) මොළේ.

No comments:

Post a Comment