Wednesday, July 30, 2014

පොඩි එකාගේ දැනුම - Amda

ඔන්න ඉතින් එක වසරෙ ඉගෙන ගන්න පොඩි කොලු ගැටයෙක්ගෙන් පන්තිභාර
ගුරුතුමියට පුදුම වදයක්ලු තියන්නේ.ඒක නිසා මේකව ගුරුතුමිය විදුහල්පතිතුමා
ලගට අරගෙන ගියාලු.අන්න එතකොට මෙහෙම කතාවක් එතන උනාලු. 


විදුහල්පතිතුමා - මොකද පොඩ්ඩො ඔයා මිස්ට කරදර කරනව කියන්නෙ?


කොල්ලා - අපේ අක්ක ඉන්නෙ 3 වසරේ,ඒ උනාට මට ෂුවර් මගේ මොළේ එයාගෙ
මොළේට වඩා වැඩී කියල.

විදුහල්පතිතුමා - හරි.එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනව.ඒවට
හරියට උත්තර දුන්නොත් මම ඔයාව 3 වසරට මාරු කරනව.ඔයා කැමතිද?

කොල්ලා - හරි මම කැමතී.

විදුහල්පතිතුමා - 3*3 කීයද කියනව බලන්න.

කොල්ලා - 9යි

විදුහල්පතිතුමා - 6*6 කීයද කියනව බලන්න.

කොල්ලා - 36යි

විදුහල්පතිතුමා - මම හිතන්නේ මේ පොඩ්ඩව 3න වසෙරෙ ඉගෙනුම ලබන්න දැනුම
ඇති මිස්.අපි මේ පොඩ්ඩව 3 වසරට දාමු.

ගුරුතුමී - හ්ම්...ඒත් සර් අවසර දෙනවනම් මම කැමතී මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක්
අහන්න.කමක් නෑනේ ද?

විදුහල්පතිතුමා - කමක් නෑ,කමක් නෑ.අහන්න,අහන්න.

ගුරුතුමී
- එළදෙනකට 4ක් තියන මට 2ක් තියන දේ මොනවද?

කොල්ලා - කකුල්.  හි හි

ගුරුතුමී - ඔයාගෙ කලිසම ඇතුලෙ තියන,මගෙ සාරිය ඇතුලේ නැති එක මොකද්ද?

කොල්ලා
- සාක්කු.  හි හි

ගුරුතුමී - පිරිමි අය හිටගෙන කරන,ගෑනු අය ඉදගෙන කරන,බල්ලො කකුල් 3න් කරන
දේ මොකද්ද? විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටී. ලොල්

කොල්ලා - අතට අත දීම.  හි හි

ගුරුතුමී - හරි මම දැන් ඔයාගෙන් තේරවිලි කීපයක් අහන්නම්.සූදානම්ද?

කොල්ල - ඔව් මම සූදානම්.

ගුරුතුමී - ඔයාගෙ ඇගිල්ලක් මා තුලට යවනවා.ඒත් ඔයාට ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන්
ඉවත් කර ගන්නවා.මම කවුද?

කොල්ලා
- කසාද මුද්ද.  හි හි

ගුරුතුමී - මම එක එක සයිස් වලින් තියනවා.මම ලෙඩ උනාම මගෙන් දියරයක් පිටවෙනවා.
මම කවුද?

කොල්ලා
- නහය.  හි හි

ගුරුතුමී
- ඔයාටත් එකක් තියනව,විදුහල්පතිතුමාටත් එකක් තියනව,හැබැයි පාප්වහන්සෙ
තමන්ගෙ එක පාවිච්චි කරන්නෙ නෑලු,අලුත විවාහ වෙන කාන්තාවන්ටද එකක් ලැබෙනව.
මොකද්ද?

කොල්ලා - වාසගම.  හි හි

ගුරුතුමී - මිනිසා සතු මෙහි කිසිම අස්ථිමය කොටසක් නෑ.නමුත් ගොඩාරියක් නහර මේකෙ
තියනවා,ආදරය කරන්න මේක නැතුව බෑ.ඒ මොකද්ද?

කොල්ලා - හදවත.  හි හි

ගුරුතුමී - හරි සර් මමත් ප්‍රශ්න අහල ඉවරයි.

විදුහල්පතිතුමා - අම්මෝ ඇති යාන්තම්.අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී.මේකව
3වසරට නෙමෙයි,විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලියුමක් ලියනව.
  

හි හි හි කොහොමද කොල්ලගෙ මොළේ.  

 ඔයා හිතපු උත්තරත් හරිද?වැරදිද? 

No comments:

Post a Comment