Wednesday, July 30, 2014

බයිසිකලය - Amda

මහාචාර්යවරු දෙන්නෙක් ඔන්න කැම්පස් එකකින් එළියට එනවලු කථාවක් දාගෙන... එයින් එක්කෙනෙක් අලුත්ම බයිසිකලයකුත් තල්ලු කරගෙන එනවලු... අනෙක් එක්කෙනා දැක්කලු මේ බයික් එක.. දැකලා කිව්වලු,

" ෂා අපූරු බයිසිකලයක් නෙ... ඒත් තමුසෙ බයිසිකල් පදින්න දන්නෙ නැහැ නේද...? .. ඉතින් ඇයි මේක ගත්තෙ...? "


"මේක මම ගත්තා නෙමෙයි ලොයිඩ්...!.. මේක මට ලැබුණා... !.. ඊයේ මම පාක් එකට වෙලා පොතක් කියව, කියව ඉන්නකොට, ඉටි රූපයක් වගේ ලස්සන කෙල්ලෙක් මේ බයිසිකලෙත් පැදගෙන එතනට ආවා... !"

"ඉතින්?"

"ඉතින් ඒ කෙල්ල බයිසිකලෙන් බැහැලා, බයිසිකලෙ ගහට හේත්තු කරළා, එයාගෙ ඇඳුම් සේරම ඇඟේ නූල් පටක් නැති වෙන කල් ගලවලා එතනම බිමට දැම්මා... දාලා අත් දෙකත් දෙපැත්තට විහිදුවලා මට කියාපි "ප්‍රොෆෙසර්ට ඕන දෙයක් මගෙන් ගන්න..!" කියලා....

එය ඇසූ අනෙක් මහාචාර්ය වරයා මෙසේ කීවේය...

"ඔව්.. කෙල්ලෙකුගෙ ඇඳුම් හෝ සෙරෙප්පු අරන් තමුසෙ මක් කරන්නද නේද..?.. මේක තමා හරි තේරීම...!

No comments:

Post a Comment