Wednesday, July 30, 2014

ඇම්ඩා සහ පාඩම - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩන් ඉගෙන ගන්නේ බහු ආගමික පාසලක හරිද.
ඉතින් මේ පාසලේ ක්‍රිස්තියානි ආගම ඉගැන්වීමට වෙනම පීරියඩ් එකක්
තියනව හරිද?ඉතින් මේක හොදට මේ වෙලාවට පාඩම අහගෙන ඉන්නවලු.
හැබැයි පන්තියෙ හිටපු සුමන නම් මේ වෙලාවට කරන්නේ නිදා ගන්න එක
තමයි.ඔන්න දවසක් පියතුමා ඇවිත් පාඩම පටන් ගත්තලු.

සුමනා කෙල්ල පුරුදු විදියටම නිදන්න පටන් ගත්තලු හරිද.

පියතුමා - අපේ ලෝකය මැවුවෙ කව්ද දරුවනේ ළමයි?යැයි පියතුමා ඇසීය.

එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය.

"දෙවියනේ"

යැයි කියමින් සුමනා අවදි විය.

පියතුමා - බොහොම හොදයි සුමනා,යැයි පැවසූ පියතුමා නැවත පාඩම පටන්
ගත්තේය.

සුමනා යලිත් නින්දට වැටින.

පියතුමා - "අපේ ගැලවුම් කරුවා කවුද ළමායි? " යැයි නැවත පියතුමා ඇසීය.

එසේ අසනවාත් සමගම යලිත් නිදා උන් සුමනාට ඇම්ඩා ඇල්පෙනෙත්තෙන්
ඇන්නේය.

"ජේසු සුවාමි දරුවනේ..." යැයි කියමින් යලුත් සුමනා අවදි විය.

පියතුමා - බොහොම හොදයි,බොහොම හොදයි සුමනා.යැයි පැවසූ පියතුමා නැවත
පඩම පටන් ගත්තේය.

ඇම්ඩා දෙස ඔරවා බැලූ සුමනා නැවත නිදන්නට විය.සුමනා ඔරවා බැලූ නිසා
ඇම්ඩා ටික වෙලාවක් යනතුරු සුමනාට ඇල්පෙනිත්තෙන් ඇන්නේ නැත.නමුත්ටික
වෙලාවල් යනවිට නැවත සුමනාට ඇල්පෙනිත්තෙන් ඇනීමට ඇම්ඩාට සිතින.
එවිටම වාගේ පියතුමා නැවත ප්‍රශ්නයක් ඇසීය.

පියතුමා - ළමායි, "ඒවා ආදම්ට 23නි ළමය ලැබුනම මොකද කිවුවේ"

ඇම්ඩා එවිටම වාගේ යලිත් සුමනාට ඇන්නේය.එවිට තදින්ම කිපුනු සුමනා නැගිට...

සුමනා - "ඈ බොල වනචරයෝ,‍තෝ ඕකෙන් මට ආයේ ඇන්නොත් මම ඕක දෙකට කඩල...
බිම දාල පාගලා...උබේ /.[@#$% ගහනව දැන ගනින්...."

පියතුමා සිහිසුන්ව බිම ඇදවටින

No comments:

Post a Comment