Tuesday, July 29, 2014

අපාය - Amda

ඔන්න ඉතින් අපේ ඇම්ඩ මලය කාල ක්‍රියා (මැරිල) කරල දැන් අපාය පැත්තට ගිහින් ඉන්නව.
දැන් මේක යම කින්ග් ගාවට ගිහින් පෝලිමේ ඉන්නකොට මූට හම්බ උනා තවත් පොරක්ව.

ඇම්ඩ අහපි උගෙන්"තමුසෙ මොනව වෙලාද මලේ" කියල.
ඒපාර අර යකා අහපි"තමුන් මොනව වෙලාද මලේ" කියල.
දැන් අපේ ඇම්ඩ මලය කියපි"මම මේ එහේ ඉන්නකොට සීතලට ගල් වෙලා මරුනෙ"
දැන් කියනවකො ඔහේ මරුනෙ,කොහොමද කියල.
එතකොට අර මිනිහ කියපි"මම මැරුනෙ මගේ ගෑනිව බොරුවට සැක කරල
ඒ දුකට පපුවෙ අමාරුවක් හැදිල"කියල.
"මට ලොකු සැකයක් තිබුන මගේ බිරිද
වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කියල.
ඉතින් මම ඒක හොයන්න දවසක් වැඩට යනව වගේ ගිහින්ආපහු ගෙදරට ආව.
ඒ එනකොට ගෑනි ඉන්නව ඇද උඩට වෙලා කවුරුත්ම නෑ.
ඒත් මම ගෑනිටත් හොදටම ගහල ගේහැම තැනම හෙවුව.
මට කවුරුවත්ම හම්බවුනේ නෑ.
ඒ දුකට තමයි මම පපුවෙ අමාරුවක් ඇවිත් මලේ.
එතකොටම අපේ ඇම්ඩ මලය කියපි"අනේ අයියෙ ඔයා එහෙම හොයන වෙලාවෙ ගෙදර
තියන ෆ්‍රිජ් එකත් ඇරල බැලුවනම් අපි දෙන්න තවමත් ජීවත් වෙනවනෙ" කියල.

No comments:

Post a Comment