Thursday, July 31, 2014

සාක්කුවේ තියන දේ - Amda

ඔන්න දවසක් ඇම්ඩගේ පන්තියේ පාඩම තමයිලු පන්තිය ඉස්සරහට ගිහින් තමන්ගේ
කලිසම් සහ ගවුම් සාක්කුවල තියන දේවල් වල හැඩය සහ විස්තර කියන එක.
එතකොට අනික් අය කියන්න ඕනි එයාගේ සාක්කුවෙ මොනවද තියන්නෙ කියල.
ඔන්න දැන් මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගියාලු.


සුමනා - "මගේ සාක්කුවේ තියන එක ටිකක් මෙලෙකයි,රවුම්,රබර් වලින් හදල
තියන්නෙ".

කතාව ඉවර කිරීමට පෙර ඇම්ඩා නැගිට උත්තර දෙයි.

ඇම්ඩා - "මකන කෑල්ලක් නේද ඔයාගේ සාක්කුවෙ තියන්නේ".

සුමනා - "හ්ම්ම්ම්... ඔයා හරි". 

ඉන් පසුව එන්නේ ජේම්ස්ය.

ජේමිස් - "මගේ සාක්කුවේ තියන එක හරි හයියයි,දිලිසෙනව".

ඇම්ඩා - "ඇල්පෙනෙත්තක්නේ ජේමිසෝ,උබ ඕකෙන්නේ සුමනට ඇන්නේ".  

ගුරුතුමිය - "හරිද ජේමිස් ?

ජේමිස් - "හරි ටීචර්...". 

ඉන්පසුව මාතුපාල පන්තිය ඉදිරියට එයි.

මාතුපාල - "මගේ සාක්කුවේ තියන එක සුදුපාටයි,ගොඩක් තුනීයි,
ඒක නවල තියන්නේ". 

ඇම්ඩා - "යකෝ ඔය උබ අර පත්තර කාරයගෙන් ගත්තු වල් පත්තරේ නේද ?  මාතුපාල හිමීන්සැරේ මාරු වී යයි.ඉන්පසු එන්නේ අපේ ඇම්ඩගේ වාරෙලු.ඔන්න
ඉතින් මේකා පන්තිය ඉස්සරහට ගියාලු.ගිහින්

ඇම්ඩා -"මගේ සාක්කුවේ තියන එක ටිකක් හයියයි,ඒක රවුම්,ඒකට ඔළුවක් වගේ
එකක් තියනවා". 

ගුරුතුමිය - "චී ඇම්ඩන් මොනවද ඔය කියන කතා ආ" 

ඇම්ඩා - "ඇයි ටීච,මගේ සාක්කුවෙ නම් තියන්නේ ප්‍රේමදාස මහත්තයගේ රූපේ තියන
රුපියලේ කාසියක්".  


   ...හි හි හි හි...   

No comments:

Post a Comment