Monday, July 28, 2014

ඇම්ඩගේ තාත්ත ගෙනාපු රොබෝ - Amada

ඔන්න දවසක් ඇම්ඩගෙ තාත්ත පට්ට රොබෝ කෙනෙක් ගෙනාව.මේ රොබෝ එසේ මෙසේ රොබෝ කෙනෙක් නෙමෙයි.මූ කවුරු හරිබොරුවක් කීවොත් කියපු කෙනාට කනට ගහනව. ඔන්න එදා ඇමීඩ හවස ගෙදර එනකොට තාත්තයි අම්මයි ඉන්නවලු අර රොබොත් එක්ක
. ඊට පස්ස ඇමීඩගෙ තාත්ත පුතේ කොහොමද ඉතින් අද පාඩම් වැඩ ඇම්ඩ "හම්මේ....! හරි මහන්සී අප්ප! අද දවසම එක දිගට ඉගැන්නුව" එත කොට අර රොබෝ පටාර් ගාල ඇම්ඩට කනට එකක් ගැහුවලු. ඊට පස්සෙ තාත්ත." අනේ කොල්ලො! තොට ආයෙ කවදාවත් බෑ මාව තම්බන්න මේ රොබෝ ඉන්නකල්. ඇත්ත කියපිය තෝ කොහොද අද ගියෙ ස්කෝලෙ යනව කියල?" ඇමඩට ඇප නෑ. ඊට පස්සෙ ඇම්ඩ ගොත ගහන්න ගත්ත." ත..ත... තාත්තෙ, මම පි...පි පිචචර් එකක් බලන්ඩ ගියා." තාත්ත "මොකද්ද පිච්චර් එක?" ඇම්ඩ "ආමි පිච්චර් එකක්." ඔන්න ආයෙ පාරක් ඇම්ඩට නිල් වෙනඩ කනේ පාරක් වැදුන. "නෑ නෑ මං ගියෙ **** චිත්‍රපටියක් බලන්ඩ" ඇම්ඩගෙ තාත්තට දැන් මාර සතුට. ඇයි රොබෝ හිතුවටත් වඩා හොදට වැඩේ කරනවනෙ. ඊට පස්සෙ තාත්ත, "ඕං බලන්ඩ අද කාලෙ හැදෙන ළමයිගෙ හැටි. ඒකාලෙ අපිනං කවදාවත් ඔය වගේ නොසන්ඩාල වැඩ කරේ නෑ." ඇම්ඩගෙ තාත්තට ඒක කියල කට ගන්න හම්බුන්නෑ චටාර් ගාල කනේ පාරක් වැදුන. දැන් ඇම්ඩගෙ තාත්තයි ඇම්ඩයි කම්මුල් අත ගගා ඉන්නකොට ඇම්ඩගෙ අම්මට දැන් මැරෙන්ඩ. හිනා "හිහ්.. ,හිහ්.. .මොනව කරන්ඩද ඉතින්? තාත්තගෙම පුතානෙ" එක්වරම චටා...ටා,...ර්...... ඇම්ඩගෙ අම්ම කම්මුලත් අල්ලගෙන බිම.

No comments:

Post a Comment