Wednesday, July 30, 2014

සම තැන - Amda

ඔන්න ඉතින් රජ කාලේ තමා මේක උනේ ඈ.ඔන්න ඉතින් ඒ කාලේ අපේ බවලත් උදවිය කල්පනා කලාලු මෙහෙම.
අපි ලමයි හදනව,ලමයි බලා ගන්නව,ගෙදර දොරේ වැඩ ටික කරනව,කන්න බොන්න හදල දෙනව,තව ඔය අනිත් ඕනෑ
එපා කම් වලට ඉඩ ප්‍රස්තාව හදල දෙනව.ඒත් මේ පිරිමින්ට අපි ගැන වගක්වත් නෑනෙ කියල.මෙහෙම කල්පනා

කරල දෙන්නම් සුපිරි ගේමක් කියල හිතල රාජකීය බිසව සමග එකතු වෙලා කාන්තා ස්ංගමයක් හදාගෙන දෙයියන්ගෙත්
ලොක්ක වන කිං සක්‍රයා මහත්තයා හම්බවෙන්න ගියාලු.

ඔන්න ඉතින් දැන් ඔහොම ගිහින් කලින් විස්තර ටික ඔක්කොම කියල සක්කර මාමාගෙන් ඉල්ලීමක් කලාලු.මොකද්ද
දන්නවද ඉල්ලීම.ඒක තමයි අපිට දරුවෙක් බිහිවෙනකොට දැනෙන වේදනාව අපේ සැමියටත් අපිට වගේ එක ලෙසම
දැනෙන්න ඕනි කියන එක.

සක්‍ර දෙවියො කිවුවලු හා හොදයි දැන් කොහෙන්ද මේක පටන් ගන්න ඕනි කියල.ඒ වෙනකොට දේවීන්වහන්සේට
දරුවෙක් හම්බවෙන්නලු හිටියෙ.ඉතින් බිසව කිවුවලු හැම එකක්ම වගේ මේකත් රජ ගෙදරින්ම පටන් ගමු කියල.දැන්
ඉතින් ඔහොම කතා කරගෙන ඇවිත් අපේ බවලත් නෝනල ටික ආතල් එකේ ඉන්නවලු.දැන් ඉතින් බිසවට දරුව
හම්බවෙන්න ලගයිලු.

දැන් ඉතින් කතා කරපු විදියට මෙහෙම බිසවට ලමය හම්බවෙනකොට අපේ කිංටත් සම්තින් එක හම්බවෙනවනෙ
දැන් අපේ රජාත් පිස්සුවෙන් වගේ දත කට පූට්‍ටු කරගෙන,ඇස් උඩ ගිහින්,හීන් දාඩියයි මහ දාඩියයි ඔක්කොම දාල,
චූබර හැදිල දැන් බඩ රිදෙයි දැන් බඩ රිදෙයි අනේ මට වෙන්න යන දෙයක් කිය කිය ඉන්නවලු.දැන් බිසව ටික ටික
කෙදිරි ගානවලු ලමය හම්බවෙන්න ලන් වෙල.දැන් රජාව වට කරගෙන ඇමතිලයි,උප ඇමතිලයි සෙනෙවියොයි ඉන්නවලු.
ඒත් රජාට තවම අවුලක් නෑලු.

ඔන්න එකපාරටම බුදු අම්මෝ මගෙ බඩ රිදෙනවෝ...ඉන්න බැරියෝ...කියාගෙන දාඩිය දාගෙන,හො‍ටු පෙරාගෙන,
දිව හපාගෙන සිහි මූර්ජාවෙලා වැ‍ටුනලු රජතුමා ලගම හිටපු මහ ඇමතියව.
අනේ ඉතින් මහ ඇමතිටයි රජ බිසවටයි සොරිම තමයි.

පහුවෙනිදම අපේ අනිත් බවලත් ඇන්ටිල ටික සක්‍රයා මාමා ලගට ගිහින් අර කලින් කරපු ඉල්ලීම ඉල්ලා අස්කර
ගත්තලු.

ඔන්න ඔහොම් තමයිලු උනේ ඈ. හි...  හි...  හි...  හි... 

No comments:

Post a Comment