Wednesday, July 30, 2014

පිස්සෝ - Amda

ලොකු බන්ඩයි,පොඩි බන්ඩයි කියන්නේ යාලුවො දෙන්නෙක්.මුන්
දෙන්නටම හොදටම පිස්සු.මුන් දෙන්නම හිටියෙ පිස්සන් කො‍ටුවෙ.
දන්නව ඇතිනේ...  මුන් දෙන්නට පොඩි පහේ පිස්සුවක් එහෙම
නෙමෙයි තිබුනෙ.මුන් හෙන්නටම හොදටම ලූස්. 

 
දවසක් මුන් දෙන්න රෝහලේ එලිමහනෙ ඇවිද ඇවිද ඉන්නකොට
පිහිනුම් තටාකය ලගට ගිය ලොකු බන්ඩ තටාකයෙ ගැබුරුම තැනට
පැනල යටටම ගිහින් හැංගිලා බලන් ඉන්නව. (පිස්සොනේ...)
මේක දැකපු පොඩි බන්ඩත් නිකන් හිටියෙ නෑ ඒකත් පැනල ගැබුරටම
කිමිදිලා ලොකු බන්ඩව අරගෙන ගොඩට පීනුව.

මේක දැකපු රෝහල බාර වෛද්‍යවරයා තීරනය කලා පොඩි බන්ඩව
නිදහස් කරන්න.මොකද ගිලෙන්න යන කෙනෙක්ව බේර ගන්න නම්
හොද සිහිකල්පනාව තියන්න ඕනිනේ.ඒකයි.

පස්සෙ මෙයා පොඩි බන්ඩ ලගට ගිහින් කිවුව.ම්... දැන් ඔයාගෙ පිස්සුව හොද
වෙලානෙ.මොකද ඔයා වතුරෙ ගිලිල මැරෙන්න යන කෙනෙක්ව බේර ගත්තනෙ
කියල.මම ඔයාට දැන් ආරංචි දෙකක් දෙනව.1ක් හොදයි.අනෙක නරකයි.

හොද එක තමයි ඔයාට දැන් හොද හින්ද ඔයාට දැන් මෙහෙන් යන්න පුලුවන්.
නරක එක තමයි ඔයා බේර ගත්ත ලොකු බන්ඩ බෙල්ලේ වැල දගෙන මැරිල
තියනව.  කියන එක.අපිට බැරි උනා එයාව බේර ගන්න.

මේක අහගෙන හිටපු පොඩි බන්ඩ කියපි.නෑ සර් ලොකු බන්ඩ එල්ලුනේ නෑ
මම ඒකව බේරගෙන ඇවිත් සීතලයි කියාපු නිසා සීතල යන්නයි තෙත බේරෙන්නයි
ඔය බාල්කෙ එල්ලුවෙ මමනේ හි... හි... හි... සාර් මට යන්න දෙනවනේ...

ඈඈඈඈ.....

No comments:

Post a Comment