Tuesday, July 29, 2014

කෙලින් ඇවිදීම - Amda

මහ රෑ පාරේ යමින් තිබූ මෝටර් රථයක් නතර කල
පොලිස් නිලධාරියෙක් එහි ගමන් කරමින් සිටි රියදුරාට
කතා කලේය.

නිලධාරියා - මහත්තය බීල නේද?

රියදුරා - අපෝ නෑ.


නිලධාරියා - එහෙනම් මේ බැලුම පුම්බන්න.

රියදුරා - අපෝ මට පොඩි කාලෙ ඉදලම ඇදුම තියනව.ඕක පිම්බුවොත් තවත් වැඩිවෙයි.

නිලධාරියා - හරි එහෙනම් ඉස්පිරිතාලෙට ගිහින් ලේ සාම්පල් එකක් ගමු.

රියදුරා - අපෝ මට පොඩි කාලෙ ඉදලම ලේ කැටි ගැහෙන ලේඩේ තියනව.
එහෙම කලොත් ලේ ගිහින්ම මම මැරෙයි.

නිලධාරියා - හරි එහෙනම් මේ මැද තියන සුදු ඉර දිගේ අඩි 10ක් ඇවිදින්න.

රියදුරා - අපෝ බෑ රාළහාමි.

නිලධාරියා - ඒමොකද මිනිහො?

රියදුරා - මට මේ කෙලින් ඉන්නවත් බෑ වැඩී... ඉතින් කොහොමද ඔය ඉර දිගේ ඇවිදින්නෙ.

No comments:

Post a Comment