Wednesday, July 30, 2014

ට්‍රැෆික් පොලිස් Amdan

ඔන්න කැම්පස් .ඩයල් එකක් බයිසිකලේ ගෙදර යනවලු.මගදී මිනිහගේ යාලුවෙකුත් නැගලා උවත් ගලහ හන්දියෙන් දාගෙන යන්ඩ කියල.. මේ කියන අයියට හෙල්මට් එකක් තිබුණා එත් අනිත් මෑන්ට නෑ. වහින්ඩ වගේ තිබුන නිසා දෙන්න පාගල ඇවිත්.කොහොම හරි ඩබල ගලහ හන්දියට කිට්ටු කරලා එනකොට ඉන්නවලු දෙයියනේ කියලා ට්‍රැෆික් පොලිස් .. දෙන්නව දැකලා දැම්මලු පාර මැද්දට පැනල අත.. අයෙත් හරවන්ඩත් බෑ නවත්තලා අනිත් මෑන්ව බස්සන්නත් බැලූ.. කොරන්ඩ දෙයක් නෑ නැවත්තුවලු බයික් එක..එතන ඉදන් දෙබස උනේ මෙහෙම
පොලිසිය: කොහෙද මේ හදිස්සියේ යන්නේ..
අපේ මෑන්: සර් ගෙදර යනවා කැම්පස් ඉවර වෙලා..
පොලිසිය: මොකද ඔච්චර හදිසීයේ..
අපේ මෑන්: සර් වහින්ඩ වගේ හින්ද ටිකක් වේගෙන් අවා සර්..
පොලිසිය:වාහනයක් පාරට දානකොට නීතියක් කියල එකක් තියනවා දන්නවනේ..
අපේ මෑන්:ඔව් සර්
පොලිසිය:එහෙනම් කොයි අයිසේ හෙල්මට්
අපේ මෑන්: (හෙල්මට් එක පෙන්නලා)මේ තියෙන්නේ සර්
පොලිසිය: තමුසෙගෙ නෙවේ පිටිපස්සේ එකාගේ..
අපේ මෑන්: (අනිත් ඩයල් එක දිහා බලලා ) අම්මටසිරි මචං උබත් නැග්ගද ..?

No comments:

Post a Comment