Monday, July 28, 2014

චාටර් කූඹියා - Amdan



කූඹියෙක් කකුල කෑවම කාටත් තරහා යනවා. කවුරුත් කරන්නේ ඌව චප්ප කරන එක.
එහෙම පව් වැඩ නොකර කකුල කෑවට හොඳ වැඩක් කරන්න පුලුවන් වෙන ක්‍රමයක් තියනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි.
කූඹියා කකුල කනකන් කොහොමහරි කාගෙන ඉන්න. කාල ඉවර වෙලා ඌ බිමට බැහැලා යන කොට තනියම අරන් යන්න බැරි කෑමක් උගේ ලගින් තියන්න.
එතකොට ඌ දෙපාරක් ඒකට ඇනලා කෙලින්ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න. අත්දැකීමෙන් කියන්නේ තත්:10ක් ඇතුලත 300ක විතර සෙට් එකක් බහිනවා.
300ම එන්නේ එක ලයින් එකකට... ඉස්සරහින්ම එන්නේ කකුල කාපු එකා. මොකද ඌ තමයි පාර දන්නේ. එන ගමන් අනිව ඌ අනිත් සෙට් එකට තව්සන්ඩ් ටෝක්ස් දෙනවා කෑම ගැන.
ඊටපස්සෙ කරන්න තියෙන්නේ උන් ලං වෙනකන් ඉඳලා අර දාපු කෑම ටික ශේප් එකේ අයින් කරන එක. කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ!
පොර ටෝක්ස් දීලා පට්ට දුරක් 300ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා එතැන් පටන් රැලේ චාටර්ම ඩයල් එක. කව්රුත් ඌ කියන එක සත පහකට ගණන් ගන්නේ නෑ!
පව් පිරෙන්නෙත් නෑ , අත්දුටුවයි !!!!!!!

No comments:

Post a Comment