Monday, July 28, 2014

දඩයක්කාර සැමී සීයා......!

වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහා අනූ හැවිරිදි සැමී සීයා දොස්තර හමුවෙන්න යනවා.සැමී සීයාව ලෙඩ ඇඳේ තියලා,පපුව,පෙනහැල්ල,බඩ,යටි බඩ එහෙම චෙක් කරලා අහවර වෙලා දොස්තර අහනවා 'දැන් කොහොමද ?' සීයට කියලා.
සීයා කියනවා: මම කවදාවත් හොඳින් හිටපු කෙනෙක් නෙවෙයිනේ ඩොක්ටර්.දැන් බලන්න මට අවුරුදු 18 භාර්යාවක් ඉන්නවා. දැන් එයාට ලඟදි බබෙක් හම්බවෙන්න ඉන්නවා. එතකොට මම ආයෙත් තාත්තා කෙනෙක් වෙනවා. දොස්තර මහත්තයාට ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ?
මේ කතාවෙන් අන්ද මන්දවූ දොස්තර තත්පර කිහිපයක නිහැඬියාවකින් පස්සේ සැමී සීයට කියනවා මෙහෙම....
"සීයේ,මම සීයට ලස්සන කතන්දරයක් කියනවා. මම දන්න දක්ෂ දඩක්කාරයෙක් ගැන කතාවක්.එයා එයා ඕනෑම කාලයක,ඕනෑම වෙලාවක දඩයම් කරන්න දක්ෂයි. ඒ වගේම දඩයමට කෑදරයි. එක දවසක් මේ දඩයක්කාරයා දඩයමට යද්දී තදියමේ තුවක්කුව වෙනුවට ගෙනිච්චේ කුඩේ. දැන් කුඩේ තියාගෙන කැලෑවේ රැක ගෙන ඉන්නවා ගොදුරක් එනකල්. ඔහොම ඉන්න කොට ඔන්න එනවා අළුපාට තඩි වලහෙක්. මේ දඩයක්කාරයා වලහා දිහාට කුඩේ ඉලක්කකරලා කුඩේ මිට මිරිකනවා. කුඩේ තුඩ ඇනිලා ඉස්සරහා ඉන්න වලහා ඇදගෙන වැටිලා මැරෙනවා.
සැමී සීයා:(උද්‍යෝගයෙන් යුතුව) ඒක වෙන්න බැහැ...ඒක වෙන්න බැහැ....වලහාට වෙනින් කව්රු හරි වෙඩි තියන්න ඇති ඩොක්ටර්......
දොස්තර: ඒකම තමයි සීයේ මාත් කියන්නේ.... !

No comments:

Post a Comment