Monday, August 4, 2014

නෝනගේ සැනසිල්ල - Amdan

සිරිල් - සර්, මම සිරිල්. මට අද වැඩට එන්න වෙන එකක් නෑ සර්. මගේ ඔළුව රිදෙනවා. කකුල් දෙකත් කැඩෙන්න වගේ. බඩේ අමාරුවකුත් තියනවා. මම බෙහෙතක් බිලා හොඳ වෙලා හෙට විතර එන්නම් සර්..
 කළමණාකරු - ඕයි එහෙම කියන්නෙපා අයිසේ..මට තමුසෙව මේ දවස් ටිකේ ඕන වෙනවා! විශේෂෙන්ම අද!! මෙහ්, මටත් සමහර වෙලාවට ඔය වගේ අමාරු එනවා.
මං කරන්නෙ *හඬ මඳක් බාල කර* මගෙ නෝනට කියනව මාව පොඩ්ඩක් සනසන්න කියලා...එතකොට මගෙ අමාරුකම් සේරම දියවෙලා යනවා. මන් කියනවට තමුසෙත් පොඩ්ඩක් කරල බලනවකො. නෑවිත් නම් ඉන්නෙපා සිරිලෝ...

සිරිල් - හරි සර්, මං බලන්නම් පොඩ්ඩක්.

----පැයකට පමණ පසු----

සිරිල් - සර් මං සිරිල්, මන් සර් කියපු විදිහට කරලා බැලුවා... දැන්නම් ඇඟට හරි සනීපයක් දැනෙන්නෙ සර්..සර් නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්! මං මේ දැං එනවා සර් වැඩට!
එක නෙවේ සර්, සර්ගෙ ගෙදරනම් හරි ලස්සනයි...

No comments:

Post a Comment