Monday, August 11, 2014

බයික් එක - Amda

අපේ ඇම්ඩන් ඔන්න බයික් එකක් ගත්තාලු........
......හැමෝම ඉතින් බයික් එකක් ගත්තාම කරන්නේ වැඩ දාන එකනේ.................මිනිහාත් ඉතින් Valentino Rossi වගේ පාර දිගේ වැඩ පෙන්නනවාලු...........
අනාගත ආසියාවේ ආශ්චර්ය ලංකාව නිසා අපේ රාජfuckෂ මාමා දිගට හරහට පාරවල් එහෙමත් හදලානේ තියෙන්නේ.........
ඒ නිසා ආයෙත් වෙන මොනවාද ඇම්ඩා නිකන් MotoGP Track එකක වගේ ඇරලා දාලා යනවලු............
ගුරුන්ටත් අකුරු වරදී කිවුවා වගේ ඔන්න ඉතින් හිතපු විදියටම ඇම්ඩා බයික් එක ඇනගත්තාලු..........බයික් එකට කොහොම උනත් ඇම්ඩන් ට නම් හෙන damage ලු.........මුහුණ නිකන් හත් ඉලවුවට ගහපු කලාබර වගේ වෙලා full damage ලු..............

කොහොමහරි ඉතින් මාස ගානක් බෙහෙත් එහෙම කරලා කොහොමහරි ගොඩ ආවාලු...........
හැමදෙයක්ම Recondition උනා කියමු.............හැබැයි අවුල තියෙන්නේ වෙච්ච Damage එකේ හැටියට full Body එකම හැදුවත් face Cut එක හදන්න බැරි උනාලු.........
දැන් ඉතින් ඇම්ඩන් ගේ මුහුණ කලින් තිබුන මුහුණ නෙවෙයිලු..........damage එකෙන් ඉතුරු උන කැළැල් එහෙම පිරිලා ඇම්ඩන් ගේ මුහුණ නිකන් Alien කෙනෙක් වගේලු..............

කොහොමහරි මුහුණ බලන්න බැරි තරම් බය නිසා ඇම්ඩන් ගේ කෙල්ලත් මූව දාලා ගියාලු ( කෙල්ලෝ කොහොමත් එහෙමනේ............)
දැන් ඉතින් ඇම්ඩන් ට හෙන අප්සට් ලු....ඇයි දැන් ඉතින් කෙල්ලෙක් වත් බලන්නේ නෑනේ මුගේ දිහා.........

කොහොමහරි මේ ප්‍රශ්නේ නිසා ඇම්ඩන් ටත් වඩා දුක් වුනු ඩයල් එකක් හිටියාලු...............ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ඇම්ඩන් ගේ ‘ අතීසාර පරම පිවිතුරු කුණාටු අදම තුච්ඡ නින්දිත වචීපරම මිතුරා උඩහා ගෙදර සුරා .........’ ලු

සුරා ඉතින් ඇම්ඩන් ගේ මේ මුහුනේ අවුල ගැන නොකා නොබී ( නෑ නෑ නොබී නෙවෙයි බිබී..........) කල්පනා කරනවාලු.................
අන්තිමට සුරා හිතුවාලු Plastic Surgery එකක්වත් කරලා ඇම්ඩන් ගේ face Cut එක හදන්න ඕනේ කියලා..........ඉතින් කොහොමහරි ඇම්ඩන් එක්කත් කතා කරලා සුරා ඉතින් Plastic Surgery ගැන Specialist කෙනෙක්ව channel කලාලු..............

ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්ක ඩොක්ටර් ගාවට ගියාලු............

| ඩොක්ටර් : ‘ මුහුණට වෙලා තියෙන Damage එක නම් ටිකක් විතර Serious...........ඒත් බයවෙන්න එපා මේ surgery එක ලංකාවේ කරන්න පුළුවන්.........’

| ඇම්ඩන් : ‘ ඒක නම් හොදයි..........ඒත් ඩොක්ටර් මේ surgery එකට කීයක් විතර යයිද.....?? ‘

( දන්නවනේ ඉතින් Plastic surgery වල ගණන්......... ඩොක්ටර් ඉතින් ගණන් එහෙම හදලා............)

| ඩොක්ටර් : ‘ මෙහෙමයි මිස්ටර් ඇම්ඩන්............මේවා ඉතින් ටිකක් වියදම් යන වැඩ...........ඔයාගේ Surgery එකේ හැටියට අඩුම තරමින් ලක්ෂ 20 ක් වත් මේ Surgery එකට යනවා..........’ කිවුවාලු

මේක ඇහුවම ඇම්ඩන් ට දාඩියත් දැම්මලු............ඇයි ඉතින් ලක්ෂ 20 ක් හොයපන්කෝ දැන් ඉතින්........සුරා ටත් ඉතින් තේරුනාලු ඇම්ඩන් ට ඒ තරම් ගානක් හොයාගන්න බෑ කියලා................
සුරා ට ත් ඉතින් අප්සට් ලු......ඇයි ඉතින් මේ වැඩේට ඇම්ඩන් ව එක්කගෙන ආවෙත් සුරා නේ..........
අනිත් එක සුරා ට ත් ඉතින් කට තියාගෙන ඉන්න බෑ හැම මගුලටම කට දානවනේ............

අනේ ඉතින් යාලු fit එක වැඩිම කමටයි , කට තියාගෙන ඉන්න බැරි කමටයි සුරා ඩොක්ටර් ගෙන් මෙහෙම ඇහුවාලු.............

| සුරා : දැන් මෙහෙමයි ඩොක්ටර්............. ඔය Surgery එකට ඕන කරන Plastic ටික අපි අරන් දුන්නොත් Surgery එකට යන සම්පුර්ණ වියදමින් 50% විතර වත් අඩු කරගන්න අපිට බැරි වෙයිද.........???

[ කොහොමහරි ඉතින් අන්තිමට සුරා අහපු ඒ අති බුද්ධිමත් ප්‍රශ්නේ නිසා ඇම්ඩන් ගේ Surgery එකේ වැඩෙත් එතැනින්ම ඉවර උනාලු..................Totally Lost.....!!!! ]

No comments:

Post a Comment