Thursday, August 14, 2014

ගෝලයෝ දෙන්නා - Amda

ඔන්න ඉතින් දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

1 මුදලාලි - "උඹ දන්නේ නෑ මට ඉන්න එකා ගැන කතා කරලා වැඩක් නෑ.
සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල".කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

1 මුදලාලි - "මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්".

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

1 මුදලාලි - "බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල.රුපියල් 10 ට කොහෙද බන් කාර් දෙන්නේ".

2 මුදලාලි - "ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්". කළුවා...කළුවා...
මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල.

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

2 මුදලාලි - "ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල".

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා.

කළුවා - "ආ කිරියා උඹ කොහෙද යන්නේ" ?

කිරියා - "බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක්
නම් මෙලහකටත් අස් වෙලා ගිහින්.බලපන් මු අද මට රුපියල් 10 ක් දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන්
කියල.මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ".

කළුවා - "ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද
කියල බලන් වරෙන් කියල.ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ".

No comments:

Post a Comment