Saturday, August 2, 2014

සිරාගේ ගේ බාප්පා මැරුණලු - Amdan

සිරාගේ ගේ බාප්පා මැරුණලු..
සිරා ගේ නෑදෑ සනුහරේ ම අඬනවලු හිටු කියල..
මිනී පෙට්ටිය ගෙදරින් උස්සන්න දෙන්නෙත් නෑ ලු..අඬනවලු....! ගෙනියන්න එපා කියල..ඒ උනාට සිරා ට ඒ ගැන වගේ වගක් නෑ ලු....මළ ගෙදරට ආපු කෑලි දිහා බල බල සෙවල පෙර පෙර ඉන්නව ලු..
කොහොම කොහොම හරි වදෙං පොරෙං මිනී පෙට්ටිය සොහොනට ගෙනිච්ච ලු..පෙට්ටිය වළට දාල පස් දාන්නත් පටං ගත්ත ලු..
මෙන්න බොලේ මෙච්චර මෙච්චර වෙලා වගේ වගක් නැතුව හිටපු සිරා අඬන්න පටන් ගත්ත ලු...වලට පනින්න දඟලනව ලු..පස් දාන්න එපා යකෝ...කිය කිය අඬනවලු....!
මේක දැකපු සිරා ගේ යාළුවෝ ටිකට දුක හිතිල,මූව වත්තන් කරගෙන මිනී වල ලඟින් එළියට ඇදගෙන යනව ලු..
ඒත් මූ 'මට වල ළඟට යන්න දීපියෝ...' කිය කියාම අඬනව ලු..
ඕව ගනන් ගන්න එපා මචෝ අපි යමු කිය කිය යාළුවෝ ටික මූව ඇදගෙන යනව ලු..
මූ ආයෙත් අඬනවලු..වල ලඟට යන්න දඟලනවලු..! ඒ ගමන් ම කෑ ගහල කියනව ලු..
'මට වල ලඟට යන්න දීපියෝ.....මගේ සෙරෙප්පුව වලට වැටුනා යකෝ..'

No comments:

Post a Comment