Monday, August 4, 2014

ඇම්ඩ දැකපු දේ - Amda

අපේ අැම්ඩන් කොලුවගේ ‌නොමනා හැසිරීම නිසා රජයේ පාසල් කිහිපයකින්ම එයාව අයින් කරගන්න අැම්ඩගෙ දෙමාපියන්ට සිද්ද වුණා.. අනිත්මේ හොදට කල්පනා කරපු වැඩිහිටියෝ තීරණය කරා රෙටන් පිට යවලා උගන් වන්න.. ඇම්ඩට යන්න ලැබුණෙ ඉංගිරිසි රටක තිබුණ පාසැලකට..
 ඇම්ඩගේ පන්තිය භාර වෙලා තිබුණෙ ටිකක් වයසකට ගුරුවරියකට.. ඇගේ කරුණාවන්ත කම නිසාත් ඒ රටේ ඉන්න උනුත් ඇම්ඩ වගේම නිසාත් ඇම්ඩ සතුටින් හිටියා.. දවසක් පන්තිභාර ගුරුවරිය ලෙඩ නිවාඩුවක් අරගෙන පන්තිය භාර වුණේ අලුතින් පාසලට ආපු තරැණ රෑමත් සරාගි ඇදුම් අදින ආඩම්බර ටිකක් සැර ගුරුවරියකට..

ඉතින් ගුරුවරිය ලොකු පාඩමක් කරන්න හිතාගෙන ටිකක් ඉස්සිලා බෝඩ් එකේ උඩින්ම මාතෘකාව ලිවුවා.. ලියද්දි පන්තියේ හිටපු එක කොලුවෙක් නක්කලේට පොඩි හිනාවක් දැම්මා..

ගුරුවරිය හැරිල බැලුව. දැක්ක කොල්ලෙක් හිනාව දාගෙන ඉන්න..

"ඔය ළමය මොකද හිනාවෙන්නෙ?"

කොල්ල කිවුවා "මම දැක්කා මිස්ගෙ මේස් පටිය" කියල.. (කට්ටිය දන්නවනෙ අර කොටට ඇන්දල කකුල දිගට දාන මේස් වර්ගෙ :P)

ගුරුවරියට කේන්ති ගියා..

"මහ නරක පන්තියක්. යනවා ඔය ළමයා එළියට දවස් තුනක් යනකන් පන්ති තහනම්" කියල ගුරුවරිය අයිමත් බෝඩ් එක පැත්තට හැරුණා. දැක්කා තමන්ගෙ අතින් මාතෘකාවෙ අකුරක් වැරදිලා බව.. ඉක්මණට ඉස්සිලා එතන මකල හැදුවා. ඒ පාරත් එකෙක් නක්කලේට හිනාවක් දැම්මා..

හැරිල බැලුවා.. තව කොල්ලෙක් මාට්ටු. ඇහුව මොකද කියල..

කොල්ලා කිව්වා "මිස් මම ඔයාගෙ මේස් පටි දෙකම දැක්ක" කියල..

රතු වෙච්ච මිස් කිව්වා

"කරුණාකරල යනවා පන්තියෙන් එළියට.. ඔය ළමට මාසයක් පන්ති තහනම්" කියල..

ගුරුවරිය අයිමත් හැරෙණකොට මේසෙ අත වැදිල හුණු කෑල්ල බිම වැටුන.. නැමිල ඒක ගන්නකොට "බකාස්" ගාල හිනාවක් ඇහුණ.. උපරිමයට යකා නැග්ග ගරුවරිය හැරිල බලද්දි ඇම්ඩන් දඩිබිඩියෙ පන්තියෙන් එළියට යනවා.. අන්ද මන්ද වුණු ගුරුවරිය ඇහුව මොකද කියල..

ඇම්ඩත් කින්ඩි හිනාවක් දාගෙනම කිව්වා

"මම දැකපු දේ කිව්වොත් මිස් ෂුවර් මාව ඉස්කෝලෙන් අස් කරනවා" කියල..

No comments:

Post a Comment