Thursday, August 7, 2014

මගුල් කපුව - Amdan

දවසක් මගුල් කපුවෙක් මගුලක් කතා කරලා කොල්ලගේ පැත්තෙන් ගියාලු මනමාලිගේ ගෙදරට..කපුවා හෙන පන්ඩිතයලු..දෙන්නෙම පොර ටෝක් ලු..
මෙහෙම කට්ටිය චැට් එක දාගෙන ඉන්නකොට මනමාලිගේ අම්මා මෙහෙම ඇහුවලු
මනමාලිගේ අම්මා :අපට ආරන්චි විදිහට මේ මනමාල මහත්තයාට දෙනියායෙන් අක්කරයක් ද දෙකක්ද තියනවලු නේ
පැන්න ගමන් කපුවා "මේ මොනවා අහනවද අක්කරයක් දෙකක් නෙවෙයි දෙනියායේ අක්කර සීයක්ම මේ මහත්තයට තමයි..
මනමාලිගේ අම්මා :අනේ වාසනවන්..එතකොට වැලිගම පැත්තේ කඩයක්ද දෙකක්ද කොහෙදත් අයිතිලු නේ
කපුව පැන්න ගමන් :මොනවද මේ අහන්නේ වැලිගම මුලු කඩ පේලියම මහත්තයට තමයි ඒව මොනවට කතා කරනවද...
එහෙම කියලා ඉවර වෙනකොටම මනමාලයට පොඩි කැස්සක් ආවලු
මනමාලිගේ අම්මා : හෙම්බිරිස්සාවක් වගේ මහත්තයට
කපුවා පැන්න ගමන් "මගුලක් අහනව හෙම්බිරිස්සව විතරක් නෙවේ උණ සෙන්ගමාලේ කාස රෝගෙත් හැදිලා මේ යකාට හොද උනේ මේ ඊයේ පෙරේදා

No comments:

Post a Comment