Monday, December 8, 2014

මනාලියක්‌ බැලීමට ගිය තරුණය Amda's

මනාලියක්‌ බැලීමට යැමට සූදානම් වෙමින් සිටි තරුණයෙකු එම ගමන සඳහා සිය මිතුරෙකුද එකතු කර ගැනීමට සිතුවේය."මචං මම ලබන ඉරිදා මනමාලියක්‌ බලන්න යනවා. උඹත් මා එක්‌ක යන්න එන්න ඕනෑ. උඹ මට පොඩි උදව්වකුත් කරන්න ඕනෑ.... ඔහු සිය මිතුරාටකීවේය.මො
කද්ද මගෙන් බලාපොරොත්තු වන උදව්ව මිතුරා විමසීය."මම මනමාලිගෙ ගෙදරට ගියහම එයාගෙ තාත්තා මගෙන් අසාවි" මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද කියල... එතකොට මම කියන්නම්."ඔය ටිකක්‌ තියෙනවා" කියල ඒ එක්‌කම උඹ මෙන්න මෙහෙම කියන්න ඕනෑ."හොඳ ටික පොල් අක්‌කර අසූවක්‌ තියෙනවා" කියල.මිතුරා ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු විය.නියමිත දින තරුණයා සිය දෙමාපියන් සහ මිතුරාද සමඟ මනාලියගේ නිවසට ගියහ.ඔවුන් සාදරයෙන් පිළිගත් මනාලියගේ දෙමාපියෝ ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදුනාහ.මනමාල මහත්තයට කුඹුරු ඉඩම් එහෙම ඇති නේද? මනාලියගේ පියා තරුණයාගෙන් ඇසුවේය."ඔයටිකක්‌ තියෙනවා" තරුණයා ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය."හොඳ ටික කුඹුරු අක්‌කර විස්‌සක්‌ තියෙනවා" මිතුරා උස්‌ හඬින් පැවසීය."මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද? මනාලියගේ පියා යලිත් ඇසුවේය."ඔය ටිකක්‌ තියෙනවා""හොඳ ටික පොල් අක්‌කර අසූවක්‌ තියෙනවා" මිතුරා කියාගෙන ගියේය.මේ අතර තරුණයාට කැස්‌සක්‌ ඇති විය."මනමාල මහත්තයට කැස්‌සත් ටිකක්‌ තියෙනවා වාගෙයි" මනාලියගේ පියා කීවේය.එවිට වහා පිළිතුරු දෙමින් මිතුරා මෙසේ කීවේය."හොඳ ටික ක්ෂය රෝගෙත් තියෙනවා.මගුල එතෙකින්ම නිමාවට පත්විය.

No comments:

Post a Comment