Monday, August 4, 2014

ආච්චිගේ වී වැනිල්ල - Amdan

ඔන්න ආච්චි කෙනෙක් මිදුලේ වී ටිකක් වේලෙන්න පැදුරක දාලා.. ඒක පොඩ්ඩක් අත ගගා හිටියලු..
ඕක දැක්කලු ගේ ඉස්සරහින් ගිය සුරංග..කතා නොකර යන එක හරි නෑ නේ කියලා හිතලා..
 සුරංග.. ආ.. ආච්චියේ.. වී වේලිලාද?
ආච්චි.. ඈ බොල කොල්ලො.. තෝ මගෙ වයස ගැන හිතලද බොල ඔය වගේ කැත කතා අහන්නෙ..?
සුරංග (ෆුල් අන්දොස් වී..) .. ඇයි ආච්චියෙ.. මං වරදක් ඇහැවුවද?
ආච්චි.. වරදක්...? නැත්නං තෝ ඇහැවුවෙ මං වගේ කෙනෙක්ගෙන් අහන්ට වටින හරුපයක්ද?
ආච්චි.. උඹ ඇහැවුවෙ තේරවිල්ලක් කියලා මට තේරුණේ නෑ කියලා හිතුවද?
සුරංග.. තේරවිල්ලක්??????
ආච්චි.. උඹ දන්නෙම නෑ..

වී - බැත
වේලිලාද - හිඳිලද
බැත හිඳිලද - හිත බැඳිලද

අනේ අම්මපා.. උඹලා වගේ අසමජ්ජාති එවුං..
ආච්චි තොරතෝංචියක් නැතුව බැනගෙන යන්ට විය..

No comments:

Post a Comment