ඔන්න ඉතින් එක වසරෙ ඉගෙන ගන්න පොඩි කොලු ගැටයෙක්ගෙන් පන්තිභාර
ගුරුතුමියට පුදුම වදයක්ලු තියන්නේ.ඒක නිසා මේකව ගුරුතුමිය විදුහල්පතිතුමා
ලගට අරගෙන ගියාලු.අන්න එතකොට මෙහෙම කතාවක් එතන උනාලු.
විදුහල්පතිතුමා - මොකද පොඩ්ඩො ඔයා මිස්ට කරදර කරනව කියන්නෙ?
කොල්ලා - අපේ අක්ක ඉන්නෙ 3 වසරේ,ඒ උනාට මට ෂුවර් මගේ මොළේ එයාගෙ
මොළේට වඩා වැඩී කියල.
විදුහල්පතිතුමා - හරි.එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනව.ඒවට
හරියට උත්තර දුන්නොත් මම ඔයාව 3 වසරට මාරු කරනව.ඔයා කැමතිද?
කොල්ලා - හරි මම කැමතී.
විදුහල්පතිතුමා - 3*3 කීයද කියනව බලන්න.
කොල්ලා - 9යි
විදුහල්පතිතුමා - 6*6 කීයද කියනව බලන්න.
කොල්ලා - 36යි
විදුහල්පතිතුමා - මම හිතන්නේ මේ පොඩ්ඩව 3න වසෙරෙ ඉගෙනුම ලබන්න දැනුම
ඇති මිස්.අපි මේ පොඩ්ඩව 3 වසරට දාමු.
ගුරුතුමී - හ්ම්...ඒත් සර් අවසර දෙනවනම් මම කැමතී මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක්
අහන්න.කමක් නෑනේ ද?
විදුහල්පතිතුමා - කමක් නෑ,කමක් නෑ.අහන්න,අහන්න.
ගුරුතුමී - එළදෙනකට 4ක් තියන මට 2ක් තියන දේ මොනවද?
කොල්ලා - කකුල්. හි හි
ගුරුතුමී - ඔයාගෙ කලිසම ඇතුලෙ තියන,මගෙ සාරිය ඇතුලේ නැති එක මොකද්ද?
කොල්ලා - සාක්කු. හි හි
ගුරුතුමී - පිරිමි අය හිටගෙන කරන,ගෑනු අය ඉදගෙන කරන,බල්ලො කකුල් 3න් කරන
දේ මොකද්ද? විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටී. ලොල්
කොල්ලා - අතට අත දීම. හි හි
ගුරුතුමී - හරි මම දැන් ඔයාගෙන් තේරවිලි කීපයක් අහන්නම්.සූදානම්ද?
කොල්ල - ඔව් මම සූදානම්.
ගුරුතුමී - ඔයාගෙ ඇගිල්ලක් මා තුලට යවනවා.ඒත් ඔයාට ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන්
ඉවත් කර ගන්නවා.මම කවුද?
කොල්ලා - කසාද මුද්ද. හි හි
ගුරුතුමී - මම එක එක සයිස් වලින් තියනවා.මම ලෙඩ උනාම මගෙන් දියරයක් පිටවෙනවා.
මම කවුද?
කොල්ලා - නහය. හි හි
ගුරුතුමී - ඔයාටත් එකක් තියනව,විදුහල්පතිතුමාටත් එකක් තියනව,හැබැයි පාප්වහන්සෙ
තමන්ගෙ එක පාවිච්චි කරන්නෙ නෑලු,අලුත විවාහ වෙන කාන්තාවන්ටද එකක් ලැබෙනව.
මොකද්ද?
කොල්ලා - වාසගම. හි හි
ගුරුතුමී - මිනිසා සතු මෙහි කිසිම අස්ථිමය කොටසක් නෑ.නමුත් ගොඩාරියක් නහර මේකෙ
තියනවා,ආදරය කරන්න මේක නැතුව බෑ.ඒ මොකද්ද?
කොල්ලා - හදවත. හි හි
ගුරුතුමී - හරි සර් මමත් ප්‍රශ්න අහල ඉවරයි.
විදුහල්පතිතුමා - අම්මෝ ඇති යාන්තම්.අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී.මේකව
3වසරට නෙමෙයි,විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලියුමක් ලියනව.
හි හි හි කොහොමද කොල්ලගෙ මොළේ.
ඔයා හිතපු උත්තරත් හරිද?වැරදිද?
No comments:
Post a Comment