තම නිවෙසේ සිට හන්දිය දෙසට වැටී තිබූ මාර්ගය දිගේ කඩිමුඩියේ
පල්ලම් බසිමින් සිටි සුනිල්, දැදිගමගේ සිල්ලර කඩය පසු කරද්දී එතැන මොහොතක්
නැවතී එහි ඉදිරිපස වීදුරු පෙට්ටිය වෙත අත දිගු කරමින් මෙසේ කීවේය.
‘දැදිගම, ඔන්න ඔය පාන් රාත්තල අරගෙන තියන්ඩ. ආපහු එන ගමන් මම ඒක ගන්නං.’
‘අපොයි සුනිල් මහත්තයා, ඒකනං හරියන වැඩක් නෙමෙයි. ඒක පරණ පාන් ගෙඩියක්.’ බඩු කිරමින් සිටි දැදිගම කීවේය.
‘නෑ... නෑ... ඒකට කමක් නෑ. ඕක අරගෙන තියන්ඩකො.’ යයි කියූ සුනිල් නොපෙනී
ගියේය. දැදිගම පාන් ගෙඩිය තිබූ වීදුරු පෙට්ටිය දෙසත්, සීනි කාලක් ගැනීමට
කඩයට පැමිණ සිටි තිලකා දෙසත් බැලුවේ දෙගිඩියාවෙනි.
‘කමක් නෑ දැදිගම
අයියෙ, එයානෙ කියන්නෙ. ඒ හින්දා ඔය පාන් ගෙඩිය අරගෙන තියන්ඩ. කොහොමත්
මහින්ද වැඩිය කැමැති පරණ ඒවට තමයි.’ තිලකා කීවේ ඉඟි මරමිනි.
No comments:
Post a Comment